නළ ලිඳට වැටුණු රයන් දින 05ට පසු ගොඩට ගත් හැටි මෙන්න..අවසානයේ අදහාගත නොහැකි දෙයක් සිදුවෙයි.(PHOTOS)

Accident World news Rayan Mexican
By Aruna Feb 05, 2022 11:35 PM GMT
Report

මොරොක්කෝවේ උතුරු පළාතේ දුෂ්කර ගම්මානයක පිහිටි මීටර් 32 ක් ගැඹුරු නළ ළිඳකට වැටුණු පස් හැවිරිදි රයන් දරුවා වළට වැටී පැය 100කට පසු ගොඩගත් අතර ඔහුගේ ජීවිතය බේරාගැනීමට සහන කණ්ඩායම්වලට නොහැකි වුණා.

ලංකාවේ වේලාවෙන් පෙරවරු 2.10 ට පමණ සහන කණ්ඩායම් අඳුරු ගුහාවක සිර වී සිටි රයන් එළියට රැගෙන ආවත් කාලය ඔවුන්ට හරස් වී තිබුණි.

දින 5ක් නැතිනම් පැය 100 කට අධික කාලයක් දිවා රෑ මහන්සි වූවත් කාලය සමග පැවැති සටනින් ඔවුන් පරාජය විය.

සහන කණ්ඩායම් රැගෙන ආවේ රයන්ගේ නිසල වූ සිරුර බව බලධාරීහු ප්‍රකාශ කළා.

ඉකුත් අඟහරුවාදා නළ ළිඳක වළකට වැටුණු රයන් බේරාගැනීම සදහා ආරක්ෂක කණ්ඩායම් සහ සහන කණ්ඩායම් කාලය සමග සටනක් ආරම්භ කරන ලදි.

අඟහහරුවදා දින සිට කාලය සමග සටන් කළ මුදවා ගැනීමේ නිලධාරීන් හට ළිඳට වැටුණු රයන් බේරාගැනීම ඉතාමත් අපහසු කාර්යයක් විය.

එම සහන කණ්ඩායම් නළ ළිඳට සමාන්තරව ඒ ළිඳ අසලින් උමගක් හැරීම ආරම්භ කළහ.එය මීටර් 32 ගැඹුරු විය.

අනතුරුව රයන්ට ළඟා වීම සඳහා තිරස් අතට උමග හෑරූහ.

බේරාගත් මොහොතේම රෝහල වෙත රැගෙන යාම සදහා ගිලන් රථයක්ද, මූලික ප්‍රථමාධාර දීම සඳහා වෛද්‍යවරුද, එම ස්ථානයේ සුදානම්ව රැඳී සිටියහ.

පැමිණි ගිලන් රථයේ රයන්ගේ දෙමව්පියෝද එම ස්ථානයට පැමිණියහ. පැය 100 කට ආසන්න කාලයක් ළිඳේ සිරවී සිටි රයන් වෙත ආරක්ෂක කණ්ඩායම් සහ සහන කණ්ඩායම් විවිධ බාධක මැද මහත් වෙහෙසක් දරා ළඟා වූහ.

නමුත් ඒ වන විටත් රයන් ගැන තිබූ සියලු බලාපොරොත්තු සුන් කරමින් ලක්ෂ සංඛ්‍යාත ජනකායක් හඬවමින් රයන් ජීවන ගමනින් නික්ම ගොස් අවසන්ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGallery