මෙහෙමත් අම්මලා ඉන්නවද.තම කුඩා දියණියට මවක් කළ සාහසික අපරාධය….

By Sithumi Sep 01, 2023 01:01 PM GMT
Report

දියණිය ඝාතනය කර ඇගේ සිරුර කොටස්වලට කපා දැමීම සම්බන්ධයෙන් බ්‍රසීල කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


නව හැවිරිදි දැරියගේ සිරුරු කොටස් සති තුනකට ආසන්න කාලයක් සාඕ පවුලෝ හි පිහිටි ඇගේ නිවසේ ශීතකරණයක් තුළ තිබීයදී පොලිසිය විසින් සොයා ගෙන තිබුණු අතර 30 හැවිරිදි Ruth Floriano නමැති මෙම කාන්තාව අගෝස්තු 26 වනදා අත්අඩංගුවට ගෙනතිබෙනවා.


පසුගිය අගෝස්තු 8 වැනිදා සිට 9 වැනිදා දක්වා කාලය තුළ මත්ද්‍රව්‍ය පානය කර දැරිය ඝාතනය කළ බව මෙම කාන්තාව පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.

- සිතුමි -