පාසලක වෙඩි තැබීමකින් කුඩා දරුවන් ඇතුළු, 6 දෙනෙක් ජිවිතක්ෂයට..20 කට අධිකව තුවාල ලබයි..(විදෙස්)

United Russia Shooting Crime
By Sewvandhi Sep 26, 2022 09:08 AM GMT
Report

මධ්‍යම රුසියාවේ ඉෂෙව්ස්ක් නගරයේ පාසලක තුවක්කුකරුවෙකු වෙඩි තැබීමකින් අවම වශයෙන් පුද්ගලයින් හය දෙනෙකු මිය ගොස් 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

"වෙඩි තැබූ පුද්ගලයාගේ සිරුර දැන් පොලිසිය විසින් සොයාගෙන ඇත. වාර්තා වලට අනුව ඔහු සියදිවි නසාගෙන ඇත. මේ වන විට ඔහුගේ ක්‍රියාවෙන් හය දෙනෙකු මිය ගොස් 20 ක් පමණ තුවාල ලබා ඇත," අමාත්‍යාංශය Telegram හි ප්‍රකාශ කළේය. මියගිය අය අතර කුඩා දරුවන් සිටින බව ආණ්ඩුකාර ඇලෙක්සැන්ඩර් බ්‍රෙචලොව් තහවුරු කළේය.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now