රස වෑහෙන රුලං ලඩ්ඩු හදමු..

Healthy Food Recipes Sri lanka Food Recipes Sri Lanka Food Crisis
By Subodha Jul 09, 2022 08:45 AM GMT
Subodha

Subodha

in රචනා
Report

ලඩ්ඩු කියන්නේ ලොකු පොඩි හැමෝම ආසාවෙන් රස බලන කෑමක්. ඉතින් රුලං වලින් විවිධ කෑම වර්ග රස බලන ඔයාලට අද අපි කියලා දෙන්නේ ලඩ්ඩු හදන විදිය ගැන.

අවශ්‍ය ද්‍රව්‍ය -

• රුලං කෝප්ප 1 ½

• ගා ගත් පොල් කෝප්ප 1

• ගිතෙල් මේස හැදි 2 ½

• උකු ටින් කිරි පොඩි ටින් 1

• තලා ගත් කරදමුංගු

• කුඩුකරගත් හකුරු කෝප්ප 1/4

• කැබලි කර ගත් කජු 50g  


සාදන අකාරය - 

භාජනයක් ලිප තබා එයට ගිතෙල් දමා රත් කර ගන්න. එයට රුලං එක් කර විනාඩි 6-7ක් මද ගින්නේ හොඳින් හැදි ගාමින් බැද ගන්න. පොල් එක් කර විනාඩි 2-3ක් බැදෙන්න හරින්න. කරදමුංගු කුඩු,හකුරු, කජු සහ ටින් කිරි එකතු කර ගන්න. මද ගින්නේ හැදි ගාමින් මිශ්‍රණය ගුලියක් වූ පසු ලිපෙන් බාගන්න. මිශ්‍රණය නිවුණු පසු බෝල කර ගන්න.


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග 
join now