රු. මිලියන 1,614ක පාසල් පොත් මුද්‍රණ කොන්ත්‍රාත්තුවට අනුමැ
2027 වර්ෂයේ පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත් සහ මොඩියුල මුද්‍රණය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව, 1, 2 සහ 6 ශ්‍රේණි සඳහා මොඩියුලද ඇතුළුව පෙළපොත් සහ මොඩියුල වර්ග 421ක් මුද්‍රණය කිරීමට නියමිතය.
මෙම මුද්‍රණ කටයුතු සඳහා ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු 31ක් ඉදිරිපත්ව තිබේ.
ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත, මුද්‍රණ කටයුතු මුද්‍රණාල 21ක් වෙත පැවරීමට අනුමැතිය ලබාදී ඇත.
ඒ සඳහා වැය කිරීමට අනුමත කර ඇති මුදල රුපියල් මිලියන 1,614.69ක් වන අතර, එම මුදලට එකතු කළ අගය මත බදු (VAT) ඇතුළත් නොවන බව අමාත්‍ය මණ්ඩල තීරණයේ සඳහන් වේ.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍යවරිය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.