හිසේ ජටා බැඳ මෙරට ඉන්ධන පිරහුම් හලක් කොල්ලකයි..!

CCTV Sri Lanka robbery Navala shed
By Sewvandhi Mar 18, 2022 09:30 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

හිසෙහි ජටා බැඳ තියුණු ආයුධ රැගෙන නාවල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලකට අද 18 අළුයම පැමිණි පුද්ගලයන් පස්දෙනකු පොම්පකරුවන්ට පහර දී මුදල් කොල්ලකා පලාගොස් ඇතැයි මිරිහාන පොලිසිය කියයි.

ඉන්ධන ලබා ලබාගැනීමේ මුවාවෙන් ප්ලාස්ටික් බූලියක් රැගෙන ත්‍රීරෝද රථයකින් පැමිණෙන කොල්ලකරුවන් පස් දෙනා පොම්පකරුවන් අසලට පැමිණ පහරදී ,පිටුපස සඟවා ගෙන තිබූ තියුණු ආයුධය අත දරාගෙන බියගන්වා මුදල් කොල්ල කා ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවැසීය.

කොල්ල කෑ මුදල කොපමණ දැයි මෙතෙක් ගණන් බලා නැතැයි පොලිසිය සඳහන් කරයි .කොල්ලය සිදුවන ආකාරය එහි සිසිටිවි කැමරාවක සටහන් වෙයි.

කොල්ලකරුවන් සම්බන්ධයෙන් වැදගත් හෝඩුවාවන් රැසක් ලැබී ඇතැයි ද ඉතා ඉක්මනින් අත්අඩංගුවට ගැනීමට හැකිවෙතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now