රුසියාවේදී අත්අඩංගුවට ගත් ‘රොටුඹ අමිල’ හෙට දිවයිනට

CID - Sri Lanka Police Crime Law and Order Latest Headlines Sinhala news
By R.rishma Nov 19, 2026 08:24 AM GMT
Report

රුසියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ මෙරට සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු බව කියන ‘රොටුඹ අමිල’ නමැත්තා හෙට (20) දිනයේදී මෙරටට රැගෙන ඒමට නියමිතව තිබේ.

ඔහු මෙරටට රැගෙන ඒමේ කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරී කණ්ඩායමක් මේ වනවිට රුසියාව බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.

දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් සිදු වූ මනුෂ්‍ය ඝාතන, කප්පම් ගැනීම් සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් ඔහුට අවශ්‍යව සිටි බව සඳහන් වේ.

මෙරටින් පලාගොස් විදේශගතව සැඟව සිටි ඔහු 2025 වසරේ මාර්තු මාසයේදී රුසියානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ අනුව, ඔහු මෙරටට රැගෙන ඒමෙන් අනතුරුව ඉදිරි විමර්ශන සහ නීතිමය කටයුතු සිදුකිරීමට නියමිතය.