සහල් මිල සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්..

Sri Lanka
By krishani May 14, 2022 05:36 AM GMT
Report

පනවා ඇති උපරිම සිල්ලර මිලට වඩා ඉහළ මිල ගණන් යටතේ සහල් අලෙවි කරන වෙළෙදුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

සහල් වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන්ට දඩ නියම කිරීමට පියවර ගෙන ඇති අතර එහිදී තනි පුද්ගල ව්‍යාපාරයක් නම් රුපියල් ලක්ෂයේ සිට රුපියල් ලක්ෂ 5 ක උපරිමයක් දක්වා වූ දඩ මුදලක් නියම කරන බවත් පුද්ගලික සමාගමක් විසින් ඉහළ මිල ගණන් යටතේ සහල් අලෙවි කළහොත් ඔවුන්ට රුපියල් ලක්ෂ 5 සිට රුපියල් මිලියන 5 ක උපරිමයක් දක්වා වූ දඩ මුදලක් නියම කරන බව සඳහන් කරයි.

අමතරව සහල් වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන්ට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය වැඩිදුරටත්  සඳහන් කළේය.

එමෙන්ම දේශීය සුදු සහ රතු නාඩු කිලෝග්‍රෑමයකට රුපියල් 220ක්, දේශීය සුදු හා රතු සම්බා කිලෝග්‍රෑමයකට රුපියල් 230 ක් සහ දේශීය කීරි සම්බා කිලෝග්‍රෑමයකට රුපියල් 260 ක් ලෙස උපරිම සිල්ලර මිලක් නියම කරමින් පසුගියදා ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණි.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join