අද සිට වෙළදපොළට අලුතින්ම එන සහල් පිටි - සහල් වලට අමතරව නවතම අන්තර්ගතයක්..(PHOTOS)
ගන්නෝරුව කෘෂිකර්ම පුහුණු ආයතනයේ සහල් පිටි සැකසුම් කර්මාන්ත ශාලාව ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය යටතට ගෙන නිෂ්පාදන ඇරඹීම අද ඇරැඹිණි. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා හා රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා මහතාගේ සහභාගීත්වයෙන් මෙම කර්මාන්ත ශාලාව විවෘත වූ අතර මෙහි නිෂ්පාදනය කෙරෙන සහල් පිටි සැකසුම් නිෂ්පාදන අලෙවිය හා බෙදාහැරීම හේලීස් සමාගමේ දායකත්වයෙන් රටපුරා සිදු කිරීමට කටයුතු යොදා තිබේ.
ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ වෙලඳසැල් මගින්ද මෙහි නිෂ්පාදිත සහල් පිටි බෙදාහරින බව ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපති පාලින්ද සාගර මහතා සඳහන් කළේය.
ගන්නෝරුව සහල් සැකසුම් මධ්‍යස්ථානයේ නිෂ්පාදිත සහල් පිටි මෙහිදී අගය එකතු කළ නිෂ්පාදන වශයෙන් සකස් කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව පෝෂ්‍යදායි ගුණයෙන් අනූන මුරුංගා කොළ, නිල් කට් රොල්, සහ කරපිංචා කොළ යොදා සහල් පිටි සකස් කෙරේ.
මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහල් පිටි සැකසීම මුලුමනින්ම දේශීය සහල් යොදා සිදු කරන බවත්, ඒ සඳහා වී අලෙවි මණ්ඩලයේ වී යොදා ගන්නා බවත්ය. මෙවර මහ කන්නය අතිශයින් සාර්ථක කර ගැනීම සඳහා සියලු පියවර ගන්නා බවත්, ලබන වසර මේ රට සලින් ස්වයංපෝෂිත කර සහල් ආනයනය මුලුමනින්ම නතර කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අරමුණ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |