විභාග කොමසාරිස් ජනරාල්වරයාගෙන් විශේෂ ඉල්ලීමක්..!
විභාග රාජකාරිවල නිරත කාර්ය මණ්ඩලවලට බාධාවකින් තොරව පිරවුම්හල්වලින් ඉන්ධන ලබාගැනීමට අවස්ථාව සළසන්නැයි විභාග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
විභාග රාජකාරිවල නිරත කාර්ය මණ්ඩල සඳහා අද පස්වරු තුනේ සිට පස්වරු පහ දක්වා කාලය තුළ ප්‍රමුඛතාව ලබාදෙන ලෙස එම දෙපාර්තමේන්තුව මීට පෙර දැනුම්දී තිබුණා.
කෙසේ වෙතත් ඉන්ධන ලබාගැනීමට විභාග රාජකාරිවල නිරත කාර්ය මණ්ඩල පිරවුම්හල් වෙත ගියද පෝලිම්වල රැඳී සිටින ජනතාව ඔවුන්ට ප්‍රමුඛතාව ලබාදීමට මැලිකමක් දක්වන බවයි විභාග දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.
හෙට දිනයේ සිට සාමාන්‍ය පෙළ විභාගය ආරම්භවීමට නියමිතව ඇති අතර, එම රාජකාරි සඳහා අනුයුක්ත කාර්ය මණ්ඩලවලට තම විභාග රාජකාරි ලිපිය සහ ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කර ආසන්නතම පිරවුම්හලෙන් ඉන්ධන ලබාගැනීමටයි මේ වනවිට අවස්ථාව සළසා දී ඇත්තේ.
මේ අතර හෙට (23) ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසු සිසුවියන් කල්වේලා ඇතිව විභාග ශාලාව වෙත යොමුකරන ලෙස විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා.
පැය දෙකකට කළින් හෝ විභාග ශාලාවට පැමිණිය හැකිනම් එය ඉතා වැදගත් බවයි විභාග කොමසාරිස්වරයා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ.
එමෙන්ම විභාගයට පෙනී සිටින සිසුන්ට අවශ්‍ය සියලු පහසුකම් සළසා ඇති අතර, ඔවුන්ට ඇතිවිය හැකි දුෂ්කරතාවලට අවස්ථානෝචිතව විසඳුම් ලබාදෙන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.ඩී. ධර්මසේන වැඩිදුරටත් කියා සිටියේ.
මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් හෙට ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් කියා සිටියේ විභාගය පැවැත්වීමට අවශ්‍ය සහය ලබාදීමට සියලුදෙනා වගකීමෙන් කටයුතු කළ යුතු බවයි.
මෙහිදී මාධ්‍යවේදීන් විභාග කොමසාරිස් ජනරාල්වරයාගෙන් විමසා සිටියේ ඉපලෝගම නිවස ගිනිබත්වූ ඉන්ධනහල් හිමියාගේ දියණියට හෙට (23) විභාගයට පෙනී සිටීමට අවශ්‍ය පහසුකම් සළසන්නේ ද යන්නයි. වහාම ඒ පිළිබඳ ව සොයාබලා පියවර ගන්නා බව විභාග කොමසාරිස්වරයා සඳහන් කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |