එක එක හේතු නිසා ඇති වන වමනයට පිළියම්

Healthy Food Recipes
By Wayomi May 22, 2022 11:37 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

වමනය කියන දේ අපිට විවිධ රෝග ලක්ෂණ නිසා ඇති වෙන්න පුළුවන්. එක පාරක් දෙපාරක් වමනය වෙනවා වගේ නෙවෙයි. එක දිගට, නොනවත්වා වෙනවා නම් , ඒ කියන්නේ කන බොන හැමදේම වමනය කරනවා නම් ඔබට එය ලොකු අපහසුතාවයක්. ඒ වගේම මේ හේතුව නිසා සිරුර විජලනය වීම, ගැස්ට්‍රයිටිස් වැනි තත්වයන් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ කියන්නේ. ඔබට හදිසියේ වමනය වැනි රෝගී තත්වයක් ඇති වුණොත් ඒක පාලනය කරගන්න පුළුවන් ක්‍රම ගැනයි.

වමනය ඇති විය හැකි අවස්ථා

- ආහාර මාර්ග/ආමාශගත රෝග

- ආහාර විෂ විම

- අජීර්ණය

- වමනය සමඟ බඩ බුරුල් විම

- මුල් ගැබ් ගැනීම

- රසායනික විෂ වලට නිරාවරණය වීම

- විවිධ වෛරස්

- විවිධ ගඳ සුවඳ වල්  


පිළියම්

- පැහැදිලි හෝ අයිස් සහිත සිසිල් බීම පානය කරන්න.අයිස් ක්‍රීම් එකක් වගේ දෙයක්.

- සැහැල්ලු, මෘදු ආහාර

- බැදපු, තෙල් සහිත හෝ පැණිරස ආහාර ගැනීමෙන් වළකින්න.

- උණුසුම් හා සිසිල් ආහාර මිශ්‍ර කරන්නත් එපා.

- කන දෙයක් හෝ බොන දෙයක් ටිකෙන් ටික බොන්න. එක පාරටම ඔක්කොම කන්න එපා, බොන්න එපා. නිරන්තරයෙන් ටික ටික මොනවා හරි කන්න,බොන්න.

- උණු වතුර බොන්න.

- කොමඩු, අඹ වගේ පළතුරු ටික ටික ආහාරයට ගන්න.

- ජීවනී ටිකක් බොන්න පුළුවන් නම් හොඳයි.