හීලෑ අලින් - ඇත්දළ ලියා පදිංචි කිරීම ගැන ඔබ දන්නවාද..?
අවුරුදු දෙදහස් පන්සීයක් තිස්සේ අපේ රටේ දේශපාලනික, ආගමික, ආර්ථික, සංස්කෘතික සහ සමාජීය අංශවලට සෘජුවම සම්බන්ධ වුණු සාධකයක් විදිහට අලි ඇතුන්ව හදුන්වන්න පුලුවන්. ලෝකයේ ඉන්න බුද්ධිමත්ම ජීවියෙක් වෙන අලි ඇතුන්ට තියෙන්නේ, මිනිසා හා සමාන ජීවන අවධියක්. අපේ රටේ බෞද්ධ සංස්කෘතියත් එක්ක අලි ඇතුන් අපිට හරිම සමීපයි. මෙම අලි ඇතුන් ලග තබා ගැනීම සදහා නීතියෙන් අවසර තිබිය යුතුයි. එම අවසර ලබා ගැනීීම සදහා අනුගමනය කල යුතු දේ අප දැන ගත යුතුය.
අවශ්‍ය සුදුසුකම්
- හීලෑ අලින්ගේ හා ඇත්දළ වල අයිතිය
- අයිතිය සනාථ කර ගැනීමේ සාක්ෂිය, මිල ගැනීමේ ඉන්වොයිසිය, විනිශ්චයකරුගේ පිටපත, ඔප්පුවේ පිටපත.
ඉල්ලුම්පත්‍රය ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථාන
- ප්‍රධාන කාර්යාලය- වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව
ඉල්ලුම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
- ගාස්තුවක් අය නොකෙරේ.
ඉදිරිපත් කළ යුතු වේලාවන්
- සතියේ දිනවල පෙ. ව. 9.00 සිට පස්වරු 3.00 දක්වා
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු සේවා ගාස්තු
- රු. 500/- + VAT
සේවාව ලබා දීමට ගතවන කාලය
- සති 02ක්
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
- අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් මගින් සහතික කරන ලද ග්‍රාම නිලධාරී මගින් නිකුත්කරන ලද සහතිකය
- ඉල්ලුම්පත්‍රයේ උපදෙස් පරිදි ඇත්දළ වල ඡායා පිටපත්
වැඩිදුර තොරතුරු ලබා ගැනීම සදහා පහත සදහන් ආයතතය සහිත ලිපිනයට ගොස් හෝ දුරකතන ඇමතුමක් මගින් දැනගත හැකිය.
ආයතනයේ තොරතුරු
වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව
811A,
ජයන්තිපුර,
බත්තරමුල්ල.
දුරකථන:+94 112 888585
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග |