උපත්, විවාහ හා මරණ සහතික පිටපත් නිකුත් කිරීම නවතී

Sri Lanka
By Sewvandhi May 18, 2022 02:02 PM GMT
Report

උපත්, විවාහ හා මරණ සහතික පිටපත් නිකුත් කිරීම අක්‍රීය වී ඇති බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඊට අදාළ LNG දත්ත පද්ධතියේ ඇතිවූ දෝෂ තත්ත්වයක් හේතුවෙන් මෙලස දිවයින පුරා උපත්, විවාහ හා මරණ සහතික පිටපත් නිකුත් කිරීමේ කටයුතු අක්‍රීය වී තිබේ.

මේ වනවිට අදාළ පිළිසකර කිරීම් ආරම්භ කර ඇති බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි. එම නිවේදනයේ සඳහන් වන්නේ මෙම සේවාව යථාතත්වයට පත්වීමෙන් අනතුරුව ඉදිරියේදී ජනතාව වෙත දැනුම්දීමට නියමිත බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now