ලංකාව පුරා ප්රබල අකුණු ගැන රතු එළියක්
Latest Headlines
Rain
Sinhala news
Puwath.lk
Disaster
By R.rishma
දිවයිනේ සියලුම පළාත් සඳහා ප්රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
ඊයේ(14) පෙ.ව. 11.00 ට නිකුත් කරන ලද මෙම නිවේදනය අද පෙ.ව. 01.00 දක්වා වලංගු වෙයි.
ඒ අනුව, දිවයින පුරා බොහෝ ප්රදේශවල තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පවතී.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර, අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලබයි.