රත්නපුරයේ තරුණියක් අභිරහස් ලෙස මිය ගිය සිදුවීමක්..

CID - Sri Lanka Police Sri Lanka Police
By Sithumi Mar 27, 2023 01:28 PM GMT
Report

රත්නපුර ප්‍රදේශයේදී තරුණියක් අභිරහස් ලෙස ඝාතනය කර තිබියදී සොයාගෙන තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 25 හැවිරිදි වියේ පසුවූ නිරිඇල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියක් වන අතර අද උදෑසන 6.30ට පමණ සිය රැකියා ස්ථානය වෙත යාමට අදාළ තරුණිය නිවසින් පිටව ගොස් ඇති බවයි ඥාතීන් පවසන්නේ.

පසුව ඇයගේ දුරකථනය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් සිදුකළ සොයාබැලීමකදී නිවසේ සිට මීටර් 200ක් පමණ දුරින් පිහිටි බෝක්කුවක් යට තිබියදී ඇයගේ මළ සිරුර හමුවී තිබෙනවා.

ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ ඇය මීට මාස කිහිපයකට පෙර එම අධ්‍යාපන කටයුතු අවසන් කර උපාධිය ලබා ඇති අතර රත්නපුර පොලීසිය මෙම ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now