“රත්මලානේ සයිමා” පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

Crime Law and Order Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Aug 11, 2026 11:24 AM GMT
Report

මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගේ සමීපතමයෙකු බව කියන “රත්මලානේ සයිමා” නමැත්තා පැය 48ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබාදී තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, සැකකරු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි.

වැඩිදුර විමර්ශන සඳහා “රත්මලානේ සයිමා” නමැත්තා ඊයේ (10) රාත්‍රියේ පේරාදෙණිය පොලිස් ස්ථානය වෙත භාරදී තිබුණි.

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් රතු නිවේදන නිකුත් කර තිබූ සංවිධානාත්මක අපරාධකරුවෙකු මැලේසියානු පොලිසිය සහ ජාත්‍යන්තර පොලිසියේ සහාය ඇතිව මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන තිබුණි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම දීම ගැන ඇමති නලින්ද කට අරී

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම දීම ගැන ඇමති නලින්ද කට අරී

එම සැකකරු සමඟ සිටි රත්මලාන ප්‍රදේශයේ පදිංචි තවත් පුද්ගලයන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුවන් තිදෙනාම ඊයේ පස්වරුවේ වැඩිදුර විමර්ශන සඳහා මෙරටට රැගෙනවිත් තිබේ.

ප්‍රධාන සැකකරු 41 හැවිරිදි රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය සඳහන් කරයි.

2014 වසරේදී පේරාදෙණිය පොලිස් වසමේදී ගිනිඅවි පෙන්වා පුද්ගලයෙකු පැහැරගෙන ගොස් තුවාල සිදුකිරීම සහ 2016 වසරේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු දෙකක ඔහු චූදිතයෙකු බවද පොලිසිය පවසයි.

මේ අතර, මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ අනෙක් සැකකරුවන් දෙදෙනා අද (11) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.