අගමැති රනිල් ලෝක බැංකු නිළධාරින් හමුවි සාකච්චා කරයි. රටේ ගැටලුව වලට විසදුම් ඉල්ලයි....

Anushka Shetty Ranil Wickremesinghe World Bank
By Sithumi May 15, 2022 12:00 PM GMT
Report

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ නිලධාරීන් හමුවී තිබෙනවා. මේ අතර මෙම වසරේදී පෙබරවාරි මාසයේදී අපනයන ඉපයීම් පසුගිය වසරේ පෙර පැවති අගයට සාපේක්ෂව සැළකිය යුතු ඉහළයෑමක් පෙන්නුම් කෙරෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා

. මහ බැංකුව නිකුත්කළ මෙම වසරේ පෙබරවාරි මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් වන වාර්තාවෙනුයි මේ බව ප්‍රකාශ කර ඇත්තේ. එහි දැක්වෙන්නේ මෙම වසරේ පෙබරවාරි මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයන ආදායම, පසුගිය වසරේ පෙබරවාරි මාසයට සාපේක්ෂව ඩොලර් මිලියන 1,092 ක් දක්වා සියයට 14.7 කින් වර්ධනය වී ඇති බවයි.

කෙසේ වෙතත් කෘෂිකාර්මික භාණ්ඩ අපනයනවලින් ලද සමස්ත අපනයන ආදායම 2021 වසරේ පෙබරවාරි මාසයට සාපේක්ෂව මෙම වසරේ පෙබරවාරි මාසයේදී සියයට 2.1 කින් පහත වැටී තිබෙනවා.