ඉන්ධන සම්බන්ධයෙන් විශාල අර්බුදයක්.. අගමැති රනිල් හෙළි කරයි..

Ceylon Petroleum Corporation Minister of Energy and Power
By Sithumi May 16, 2022 01:32 PM GMT
Report

රට තුළ ප්‍රමාණවත් පෙට්‍රල් සංචිත පවතින්නේ තවත් එක් දිනකට පමණක් බව අග්‍රාමාත්‍යවරයා පවසයි. මෙරට ආර්ථික තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය. එ

සේම, රජය මේ වනවිට 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 84.38ක්, 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 71.19ක්, ඩීසල් ලීටරයකින් රුපියල් 131.55ක්, සුපර් ඩීසල් ලීටරයකින් රුපියල් 136.31ක් හා භූමිතෙල් ලීටරයකින් රුපියල් 294.50ක පාඩුවක් ලබන බව ද අගමැතිවරයා පැවසීය. තෙල් සංස්ථාවට එම පාඩුව තවදුරටත් දරා ගැනීමට නොහැකි බවද පවසා සිටි අගමැතිවරයා, ඉදිරියේ දී උද්දමනය තවත් ඉහළ යා හැකි බව ද කියා සිටියේය. වැඩිදුරටත් අදහස් දැක්වු රනිල් වික්‍රමසිංහ මහතා

, "මේ වනවිට අප සතුව පෙට්‍රල් තිබෙන්නේ එක් දිනකට පමණයි. ඊයේ පැමිණි ඩීසල් නෞකාව නිසා ඔබගේ ඩීසල් ප්‍රශ්නයට අද සිට යම් සහනයක් ලැබෙනවා. ඉන්දියානු ණය ආධාර වැඩපිළිවෙල යටතේ, මැයි 19 වනදා සහ ජූනි 1 වනදා තවත් ඩීසල් නෞකා දෙකක් මැයි 18 සහ මැයි 29 වනදා පෙට්‍රල් නෞකා දෙකක් පැමිණීමට නියමිතව තිබෙනවා. අද දිනට දින 40කට වැඩි කාලය සිට ලංකාවේ මුහුදු සීමාවේ පෙට්‍රල්, බොරතෙල් සහ දැවිතෙල් නෞකා තුනක් නවතා තිබෙනවා. ඒ සඳහා මුදල් ගෙවීමට විවෘත වෙළෙඳපොළෙන් ඩොලර් ලබාගන්න කටයුතු කරනවා."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now