කරුණාකර සහාය ලබා දෙන්න.. අගමැති රනිල් කියයි..

Ranil Wickremesinghe Sri Lanka Politician
By Sewvandhi May 16, 2022 01:25 PM GMT
Report

රට අනතුරට වැටී ඇති මොහොතේ තමා බාරගත් අනතුරුදායක අභියෝගය ජය ගැනීම සඳහා සැමගේ සහයෝගය ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද(16) පැවසීය.

හුණු වටයේ කතාවේ ගෲෂා අනුන්ගේ දරුවෙක් වඩාගෙන වැල් පාලම තරණය කළාටත් වඩා වැඩි අභියෝගයක් තමා බාරගත් බව කී අග්‍රාමාත්‍යවරයා ගැඹුරු හෙළ තරණය කරමින් රට නැමැති දරුවා සුරක්ෂිතව එහා පැත්තට ගෙනයාම තම අභියෝගය බවද සඳහන් කළේය. තමා මේ අභියෝගය බාර ගත්තේ රට වෙනුවෙන්ම පමණක් යැයිද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now