ප්‍රසිද්ධ මන්ත්‍රීවරයෙක් කරන්න යන දේ.. අගමැති රනිල් ට ප්‍රශ්න 5ක් ක්..

Parliament of Sri Lanka Ranil Wickremesinghe Sri Lanka Politician
By Sewvandhi May 16, 2022 10:01 AM GMT
Report

පාඨලීගෙන් නව අගමැතිට ප්‍රශ්න 05ක් ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙන ලෙස ඉල්ලා විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකර තිබෙනවා

. 01. 2022 මැයි මස 09 වන දින රටපුරා සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලට මුලපුරමින් “ගෝඨාගෝගම” සාමකාමී උද්ඝෝෂණ භූමියට පහර දුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ මැර දේශපාලන බලවතුන් නීතිය හමුවට පැමිණවීම සදහා ඔබ අනුගමනය කරන ක්‍රියාමාර්ගය කුමක්ද ?

එමෙන්ම ඉන් පසු ඇමති මැති ආදී ආණ්ඩු පක්ෂය නියෝජනය කරන දේශපාලන නායකයින්ගේ ජිවිත හා දේපල විනාශ කිරීම් පිලිබදව ඔබතුමා ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද ?

02. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තම ධුරයෙන් ඉවත් වන දින වකවානු පිළිබඳව ඔබ සමග සාකච්ඡා කර තිබේද? ඒ සම්බන්ධයෙන් ඔබ අනුගමනය කරන ක්‍රියාමාර්ග මොනවද?

03. පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන් නීතිය හමුවට පැමිණවීම සදහා දැනට සිදු කර තිබෙන විමර්ශන වල අඩුපාඩුකම් ඇති බව පිළිගනිමින් නව ස්වාධින විමර්ශන ක්‍රියාවලියක් අරඹා වින්දිතයන්ට යුක්තිය ඉටු කරදීමට ඔබ අනුගමනය කරන ක්‍රියාමාර්ගය කුමක්ද ?

04. ජනාධිපති බලතල සීමා කරමින් හා ස්වධීන අධිකරණ, පොලිස්, රාජ්‍ය සේවා, මැතිවරණ, විගණන කොමිෂන් සභා ආදිය බල ගැන්වෙන 21 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කඩනමින් ගෙන ඒමට ඔබ එකඟ වන කාල රාමුව කුමක්ද ?

05. දේශපාලන පක්ෂ වල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය , මූල්‍ය විනිවිදභාවය, සමාජය කෙරෙහි වගවීම සහ මැතිවරණ වලදී විද්‍යුත් ජනමාධ්‍ය වල දේශපාලන පක්ෂපාතිත්වය වැලැක්වීම තහවුරු කෙරෙන මැතිවරණ නීති ප්‍රතිසංස්කරණයක් කඩිනමින් හඳුන්වාදීමට ඔබ කටයුතු කරන්නේද ? අදාළ සම්පූර්ණ ලිපිය පහතින්…


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now