නව අග්‍රාමාත්‍යවරයාගේ දිවුරුම් දීමත් සමග මෙරටට සහය පල කරන ප්‍රබලයින්..

Ranil Wickremesinghe Sri Lanka Politician Prime minister Government Of Sri Lanka
By krishani May 13, 2022 08:50 AM GMT
Report

නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් රනිල් වික්‍රමසිංහ වෙත මෙරට ඇමරිකානු තානාපති ජූලි චන්ග් සුබ පැතුම් එක්කර ඇත.සිය ට්වීටර් ගිණුමේ සටහනක් තබමින් ඇය සඳහන් කළේ නව අග්‍රාමාත්‍යවරයා සමඟ එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි.

මේ අතර මෙරට දේශපාලන ස්ථාවරත්වය අපේක්ෂා කරන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයන්ට අනුකූලව පිහිටුවන ශ්‍රී ලංකා රජය සමඟ කටයුතු කිරීමට අපේක්ෂා කරන බවයි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් ඉන්දියාවේ කැපවීම තවදුරටත් අඛණ්ඩව පවතිනු ඇති බවද එහි වැඩිදුරටත් සඳහන්.

බ්‍රිතාන්‍ය සහ යුරෝපා සංගමය නියෝජනය කරන ප්‍රවීන දේශපාලනඥයෙකු වන ශ්‍රී ලාංකික නිරන්ජන් දේවාආදිත්‍ය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ ශ්‍රී ලංකාව දැන් මුහුණ දී සිටින අවුල් සහගත වාතාවරණයෙන් මිදීමට අවශ්‍ය සම්බන්ධතා සහ පළපුරුද්ද සහිත එකම ශ්‍රී ලාංකික දේශපාලනඥයා රනිල් වික්‍රමසිංහ බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join