රනිල් අගමැති වීමටත් ප්‍රථම, දිවුරුම්දීම ප්‍රකාශ කිරීමත් සමග මෙරට ආර්ථිකයේ සිදු වූ කවුරුත් නොසිතූ වෙනස

Parliament of Sri Lanka Ranil Wickremesinghe Sri Lanka Economic Crisis Prime minister
By Sewvandhi May 12, 2022 08:59 AM GMT
Report

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීම ප්‍රකාශයට පත් කිරීමත් සමඟ කොළඹ කොටස් වෙළෙඳපොළේ ගනුදෙනුවල කැපී පෙනෙන ඉහළ යාමක් පෙන්නුම් කරනවා.

ඒ අනුව කොළඹ කොටස් වෙළෙඳපොළේ සමස්ත කොටස් මිල දර්ශක අගය සියයට 3.17ක වර්ධනයක් පෙන්නුම් කළා.

මේ අතර, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අද සවස 6.30ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දීමට නියමිත යි.

අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරු ව මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබා ගැනීම සඳහා නව අග්‍රාමාත්‍යවරයා කොල්ලුපිටිය වාලුකාරාම විහාරස්ථානයට යාමට නියමිත ව තිබෙනවා. ඉන් අනතුරු ව ඔහු ගංගාරාම විහාරස්ථානයට යෑමටත් නියමිත බව යි වාර්තා වන්නේ.

මේ වන විටත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තුවේ ආසන 130කට ආසන්න බහුතර මන්ත්‍රීවරුන් සංඛ්‍යාවකගේ සහයෝගය හිමි වී ඇති බව යි වාර්තා වන්නේ. 

 ඒ අතුරෙන් බහුතරයක් මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන්නන් වන අතර, සමඟි ජන බලවේගය පක්ෂයෙන් ද මන්ත්‍රීවරුන් 25කට ආසන්න සංඛ්‍යාවක් නව අග්‍රාමාත්‍යවරයාට සහයෝගය පළ කිරීමට එකඟ වී තිබෙනවා.

මීට අමතර ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ පැවති රජයෙන් බිඳී ආ ස්වාධීන කණ්ඩායම් 11 පිලේ මන්ත්‍රීවරුන් පිරිසකගේ සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායමක සහයෝගය ද රනිල් වික්‍රමසිංහට ලැබී ඇති බව යි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now