තවත් මසකින් අගමැති රනිල් අස්වෙයි ද ? නව අගමැතිවරයෙක් ගැන අලුත් නමක්..

G. L. Peiris Ranil Wickremesinghe Prime minister Sri Lanka Hirunika Premachandra
By Aruna May 20, 2022 01:00 AM GMT
Report

තවත් මාසයක් හෝ දෙකක් යනවිට වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරයෙන් ඉල්ලා අස් වීමට සිදුවනු ඇති බවත් නැතහොත් ඔහු එයින් ඉවත් කරනු ඇති බවත් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරනවා.

ඉන් අනතුරුව ජී.එල්. පීරිස් වැනි පුද්ගලයෙක් අගමැති ධුරයට පත් වනු ඇති බවත් ඇය පවසයි. වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත්කර ඇත්තේ රටේ පැවති අස්ථාවර තත්ත්වය සහ රාජපක්ෂවරුන්ට ඇතිව තිබෙන අනාරක්ෂිත තත්ත්වය සමනය වන තුරු පමණක් යයිද ඇය සඳහන් කළාය.

රනිල් වික‍්‍රමසිංහ මහතා මෙවර අග්‍රාමාත්‍ය ධූරය භාර ගත්තද කිසිම විදේශ රාජ්‍ය නායකයෙක් ඔහුට සුබ පතා නැති බවද පැවසූ ඇය මහජන ඡන්දයකින් තොරව ප්‍රජාතන්ත්‍රවාදී නොවන ලෙස පත් වුණු කිසිම රාජ්‍ය නායකයකුට විදේශ රාජ නායකයන් සුබපතා නැතැයිද ඇය කියා සිටියාය.

ඇය මෙම අදහස් පල කරන ලද්දේ සමගි ජන බලවේග මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now