රැකියාවට එන්න එපා..! අගමැතිගෙන් විශේෂ නිවේදනයක්

Ranil Wickremesinghe Sri Lanka Economic Crisis Prime minister Sri Lanka
By Sewvandhi May 19, 2022 05:27 AM GMT
Report

එදිනෙදා අත්‍යවශ්‍ය ආහාර සඳහා වැයකළ යුතු මුදල් ද මේ වන විට භාණ්ඩාගාරය සතුව නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

අග්‍රාමාත්‍යවරයා අද (19) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කියා සිටියේ ඒ පිළිබඳව සවිස්තර වාර්තාවක් ලබන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

එදිනෙදා පරිභෝජනයට අවශ්‍ය කරන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා සිදු කළ යුතු වියදම් සඳහා වන මුදල් වහාම සොයා ගත යුතු බවත් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළා. එමෙන්ම අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ මෙම ගැටලුව ශ්‍රී ලංකාවට පමණක් බලපාන ගැටලුවක් නොවන බවයි.

ආහාර ගැටලුව මේ වන විට ලෝක අර්බුදයක් බවට පත්වන ලකුණු පෙන්නුම් කරමින් ඇති බවත් ලෝක බැංකුව මේ තත්ත්වය කල්තියා වටහා ගෙන ඒ සම්බන්ධව ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන තිහක් වෙන් කර ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය නොවන සේවකයින් හෙට (20) දින සේවයට වාර්තා කිරීම අවශ්‍ය නොවන බවයි.

මේ වන විට පවතින බරපතළ ඉන්ධන හිඟය සහ ප්‍රවාහන අපහසුතා සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවත් අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now