අගමැති මනූෂ සහ හරීන්ගේ සහාය පතයි..! ඉල්ලීම් 8ක් සහිත ලිපියක් හදිසියේම යොමු කරයි..!
නිර්පාක්ෂික රජයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන මහත්වරුන්ගේ සහයෝගය අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන් වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දෙයි.
සමස්ත ජනතාවගේ ඉල්ලීම වන ගෝඨාගෝහෝම් යථාර්ථයක් කිරීම පිණිස පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත ගැනීමට අපේක්ෂා කරන ක්‍රියාමාර්ග ඇතුළු ඉල්ලීම් අටක් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග අනුව ඉදිරියේදී ඇතිකරගන්නා රජයකට සහයෝගය ලබා දෙන ආකාරය පිළිබඳ තීන්දුවක් ගන්නා බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන මහත්වරුන් අග්‍රාමාත්‍යවරයා වෙත යොමුකළ ලිපියට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සඳහන් කරයි.
අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන මහත්වරුන් වෙත යොමුකළ ලිපියේ තව දුරටත් මෙසේද සඳහන් වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |

