ගෑස් ගැන අගමැති රනිල් ගෙන් සුබ ආරංචියක්..රට පුරා කරන්න යන දේ මෙන්න.

Ranil Wickremesinghe Litro Gas LAUGFS Gas PLC Liquefied Petroleum Gas Litro Gas Price
By Aruna May 15, 2022 10:56 PM GMT
Report

ගෑස් තොගයක් සඳහා රජය ගෙවීම් සිදුකර ඇති අතර, එය කඩිනමින් ගොඩබා බෙදාහැරීමට කටයුතු කරන බව, අග්‍රාමාත්‍යවරයා සිය ටිවිටර් ගිණුමේ සටහනක් තබමින් පවසනවා.

 මේ අතර මෙරට පවතින ඩොලර් හිගය නිසා ඉදිරි සතිවලදී ඉන්ධන සදහා ගෙවීම් සිදු කිරීමට වෙනත් ක්‍රමයක් සොයා බලමින් සිටින බවද අග්‍රාමාත්‍යවරයා තවත් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

කෙසේවෙතත් ඩීසල් මෙට්ට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවක් ඊයේ මෙරටට ළගා වුණා.

ඒ, ඉන්දීය ණය ආධාර යටතේයි. 

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ නිලධාරීන් හමු වී තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා මහබැංකුවෙන් 2022 මාර්තු මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් වන වාර්තාව නිකුත් කර තිබෙනවා.

2022 වසරේ මාර්තු මාසයේ දී අපනයන ඉපැයීම්, වසරකට පෙර පැවති අගයට සාපේක්ෂව සුළු අඩුවීමක් දක්නට ලැබෙන බවයි එම වාර්තාව පෙන්වා දෙන්නේ.

නමුත් අඛණ්ඩව 10 වැනි දිනටත් ඩොලර් බිලියනය ඉක්මවා ගොස් ඇති අයුරු දක්නට ලැබෙනවා.

වෙළෙඳ භාණ්ඩ අපනයනය යටතේ 2021 මාර්තු මාසයේ දී අමරිකානු ඩොලර් මිලියන 1094ක් ද 2022 මාර්තු මාසයේ දී අමරිකානු ඩොලර් මිලියන 1057ක ප්‍රමාණයක් ද එක් කරගැනීමට හැකි වී තිබෙනවා.

එහි වෙනස සෘණාත්මක අගයක සටහන් වන්නේ සෘණ 3.4ක් ලෙසයි.

මේ අතර ජාත්‍යන්තර විදෙස් ආර්ථික විශ්වවිද්‍යාලයක සිදු කළ උද්ධමනය අතින් මේ වනවිට ඉහළතම අගයක් ගන්නා රාජ්‍යයන් අතර දෙවැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා.

එය ප්‍රතිශතාත්මක 132%ක අගයක් ගන්නා අතර, ශ්‍රී ලංකාව උද්ධමනය අතින් දෙවැනි වන්නේ සිම්බාබ්වේ වෙත පමණයි.

ලෙබනනය සහ තුර්කි රාජ්‍යය ද පසුවන්නේ උද්ධමනය තනි අගයක රඳවා ගත නොහැකිව සිටින තුන්වැනි සහ සිව්වැනි ස්ථානවලයි.

ශ්‍රී ලංකා මහබැංකුව විසින් නිකුත් කරන ලද සම්පූර්ණ වාර්තාව මෙතනින්.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now