නව අගමැති රනිල් ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්.!!

United National Party Gotabaya Rajapaksa Ranil Wickremesinghe Prime minister
By Aruna May 12, 2022 11:12 PM GMT
Report

රටේ තත්ත්වය ඉදිරි මාස කිහිපයේදී තවත් දරුණු වියහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එමෙන්ම ගාලු මුවදොර සිටින අරගලකරුවන් සම්බන්ධයෙන් ද ඔහු සිය අදහස් දක්වා තිබුණි.

ඒ, අද අග්‍රාමාත්‍යධුරයේ දිවුරුම්දීමෙන් අනතුරුව ආගමික වතාවත් සඳහා කොල්ලුපිටිය වාලුකාරාම විහාරස්ථානය වෙත පැමිණ සිටි අවස්ථාවේදීය.

“මිනිස්සු අමාරුවෙන් ජීවත් වෙන්නේ. මේ රටේ ආර්ථිකය ගොඩගන්න ඕනේ. ඉදිරි මාස කිහිපය මීටත් වඩා අමාරු වෙනවා. ඒත් අපි මේකෙන් ගොඩඑන්න ඕනේ.

ඒ වැඩකටයුතු කරන්න තමයි මම භාර ගත්තේ.” “රුපියලට වටිනාකමක් සහ තරුණයන්ට අනාගතයක් තියෙන්න ඕනේ.” “කැබිනට් මණ්ඩලය හෙට පත්කරන්න බලාපොරොත්තුවක් නැහැ.” “අරගලය ගෙනියනවා.

අපි ගෝඨාගෝගමට අතගහන්නේ නැහැ. ඒක ගෙනියන්න ඕනේ. පොලීසියත් මුකුත් කරන්නේ නැහැ.”

“පාර්ලිමේන්තුවේ බහුතරය ගැන ප්‍රශ්න කරනකොට අපි බහුතරය පෙන්වන්නම්. මට දෙපැත්තෙන්ම බහුතරය තියෙනවා.”


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now