ඝාතනයකට අවුරුදු 18 තරුණියක් ඇතුළු තිදෙනෙක් අල්ලයි

Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Oct 29, 2023 05:37 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

රාමනාදපුරම් මායානූර් ප්‍රදේශයේදී මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍යව සිටි තරුණියක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මූලස්ථානය සඳහන් කළේ, රාමනාදපුරම් පොලීසිය සිදුකළ විමර්ශනයකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවය.

අදාල සැකකරුවන්ව,  පසුගිය 25 වනදා එම ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකු මුගුරකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් 16 හැවිරිදි සහ 17 හැවිරිදි වියේ පසුවන අතර සැකකාරිය 18 හැවිරිදි වියේ පසුවන අතර ඔවුන් මායානූර් ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කළේය.

අනියම් ප්‍රේම සම්බන්ධතාවක් හේතුවෙන් එම ඝාතනය සිදුකර ඇති බවට පොලීසිය සිදුකළ මූලීක විමර්ශනවලදී අනාවරණය වී තිබේ.