අවුරුදු 15ක් රාජපක්ෂලා එක්ක සම්බන්ධය අදින් අවසන් කළ සුවිශේෂි පුද්ගලයා මෙන්න
රාජපක්ෂවරු සමග වසර 15ක් පැවති සම්බන්ධය අදින් අවසන් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා පවසයි.
ජනතාවට මෙතරම් පිඩාවක් ගෙනදුන් වත්මන් රජයේ සිටිමින් තමන්ට තනතුරු දරන්න අවශ්‍යතාවයක් නොමැති නිසා රජයට ලබාදුන් සහයෝගයෙන් ඉවත් විමට ලංකා කම්කරු කොන්ග්‍රසය තිරණය කල බව පක්ෂ මහ ලේකම් නුවරඑලිය දිස්ත්‍රික් පා.ම ජිවන් තොණ්ඩමන් මහතා පැවසිය.
ජිවන් තොණ්ඩමන් මහතා ඒ බැව් කියා සිටියේ (01) දිනට යෙදි ඇති ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් ලංකා කම්කරු කොන්ග්‍රසයේ මැයි දින සැමරුම් උත්සවයක් එම පක්ෂයේ සමාජිකයන්ගේ සහභාගිත්වයෙන් කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ පැවති රැළිය අමතමිණි. මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් ජිවන් තොණ්ඩමන් මහතා කියා සිටියේ අපිත් ඔබත් මේ රටේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කෙරෙහි පුර්ණ විශ්වාසයක් තබලා තමයි කටයුතු කරේ.
නමුත් එම විශ්වාසය මේ වන විට සම්පුර්ණයෙන්ම බිද වැටිලා තියෙද්දි අපි කොහොමද රජයට සහයෝගය දක්වන්නේ? වරදක් කරාම එයට සමාව ලබාදෙන්න පුළුවන් , එම වරදම අවස්තා කිහිපයකදි සිදු කරනවා නම් එවාට සමාව දෙන්නේ කොහොමද?
වතුකරයේ ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනිම වෙනුවෙන් ලංකා කම්කරු කොන්ග්‍රසය ගත වු වසර කිහිපය තුල කටයුතු කරලා තියෙනවා. වතුකරය වෙනුවෙන් කොටගල ප්‍රදේශයේ විශ්ව විද්‍යාලයක් ඉදි කරන්න මම ජනාධිපතිතුමාගෙන් ඉඩම් කැබැල්ලක් ඉල්ලුවා , එම ඉඩම ලබාදෙන්න ජනාධිපතිවරයා අපට සහයෝගය ලබාදුන්නේ නැ.
අද රටේ සමස්ත ජනතාව වගේම වතුකරයේ ජනතාවත් දැඩි ලෙස පිඩාවට පත් වෙලා ඉන්නවා , එහෙම පිඩාවට පත් වෙලා ඉන්න අවස්තාවක මම තනතුරු ගැන නොසිතා ඔබ ගැන පමණක් සිතා තනතුරුවලින් සහ රජයට ලබාදුන් සහයෝගයෙන් ඉවත් විමට තිරණය කලා. අද සමහරුන් අපිට විවේචනය කරනවා , අපි මේ රජය පත් කරන්න කටයුතු කරපු අය කියලා. විවේචන කර කර ඉදලා වැඩක් නැ , අපි සියළු දෙනා එකට එකතු වෙලා කටයුතු කලොත් තමයි වතුකරයේ ජනතාවගේ ගැටළු වලට විසදුම් ලබාදෙන්න පුළුවන්
. අද විපක්ෂයෙන් විශ්වාසභංග යෝජනාවක් ගෙනල්ලා කියනවා , පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් 120 දෙනෙකු ඔහුන්ට සහයෝගය දක්වනවා කියලා. ආණ්ඩු පක්ෂය කියනවා රජයට සහයෝගය දක්වන මන්ත්‍රිවරුන් 120 අත්සන් කරලා තියෙනවා කියලා. පාර්ලිමේන්තුවෙන් ඉන්නේ මන්ත්‍රිවරුන් 225 දෙනෙයි , ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය කියන විදිහට පාර්ලිමේන්තුව තුල මන්ත්‍රිවරුන් 240 ක් ඉන්න ඕනි.
පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්න අය රටේ ජනතාවට පෙන්න ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය රණ්ඩු කර ගන්නවා, ඒ කැමරාවට පෙන්න ,කැමරාව නැති තැන එයාලා ඔක්කෝම එකට ඉන්නේ.
මේකයි ඇත්ත , දැනවත් අපි ඒක තේරුම් ගන්න ඕනි , රටේ ජනතාව හැමදාම රවට්ටන්න බැ , අද තරුණයන් පෙරමුණට ඇවිල්ලා තියෙනවා , ඒක හොද දෙයක්, මමත් තරුණයෙක් විදිහට එයට සහයෝගය දක්වනවා. ඕනැම රජයක් බලයට පත්වුණාම , අපට දෙන්නේ වතු යටිතල පහසුකම් අමාත්‍යංශය හෝ නැත්නම් පශු සම්පත් අමාත්‍යංශය. ඇයි අපිට මේ රටේ අගමැති වෙන්න බැරිද? අපිට අධයාපන ඇමති වෙන්න බැරි ?
ආරක්ෂක ඇමතිකම අපිට සුදුසු නැද්ද? අද අපේ වතුකරයේ ඉන්න ඇතැම් දේශපාලඥයෝ අහනවා අපි රජයක් පිහිටු විමට සහයෝගය ලබාදෙන්නම් මොනවද අපිට ලබාදෙන තනතුරු කියලා. තනතුරු බලාගෙන තමයි ඒ අය වැඩ කරන්නේ , ලංකා කම්කරු කොන්ග්‍රසය තනතුරු බලාගෙන වැඩ කරන පක්ෂයක් නෙවෙයි.
ලංකා කම්කරු කොන්ග්‍රසය හැමදාම වතුකරයේ ජනතාව වෙනුවෙන් වැඩ කරපු පක්ෂයක්.
ඉදිරියටත් එහෙමයි , මට ලොකු සිහිනයක් සහ බලාපොරොත්තුවක් තියෙනවා, ඒ තමයි වතුකරය සම්පුර්ණයෙන්ම වෙනස් කරන්න ඕනි කියන එක, ඒක මගේ නායක දිවන්ගත ආරුමුගන් තොණ්ඩමන් මහතාටත් තිබුණා
_____________________________________________
තව දින කිහිපයයි ජනපති ඉවත් වෙයිද විශ්වලන්කා, ජනපති ගැන කළ විශේෂ යෝජනාව ?
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |