කාලගුණය අසිරිමත් - පළාත් කිහිපයකට වැසි සහ සුළං
TN Weather
Weather
Latest Headlines
Rain
Sinhala news
By R.rishma
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැක.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ මධ්‍යම පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (55-60) ක පමණ තද සුළං ඇතිවිය හැක.
දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.
තද සුළං වලින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.