අතිශය ජනප්‍රිය සුරූපී නිළියකගේ මළ සිරුර ගෝනියක (VIDEO)

Actress dead body Bangladesh Raima islam Keraniganj
By Sewvandhi Jan 19, 2022 09:43 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

අතුරුදන් වූ සුරූපී නිළියකගේ මළ සිරුරක් ගෝනියක දමා තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබේ. මෙම සිදුවීම වාර්තා වන්නේ බංග්ලාදේශයෙන්.

මෙලෙස මියගොස් ඇත්තේ Raima Islam Shimu නම් 45 හැවිරිදි වියේ පසුවූ සුරූපී නිළියකි. පසුගිය ඉරිදා දින බංගලාදේශය කැලඹුණු මෙම සුරූපී නිළියගේ අතුරුදන් වීමේ පුවත මුල්වරට වාර්තා විය.

එහිදී ඇයගේ සැමියා විසින් තම බිරිඳ අතුරුදන්ව ඇති බවට පොලිසියට පැමිණිලි කර ඇත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

පසුව පොලිසිය Raima සොයා විමර්ශන ආරම්භ කළ අතර එහිදී ඇයගේ සිරුර ඩකා හි Keraniganj පාලම ආසන්නයේ තිබී සොයාගෙන ඇත.

එරට ආරක්ෂක අංශ සැකපළකරන්නේ මෙම ඝාතනය ඉරිදා දින සිදුකර පසුව එම ස්ථානයට ගෙනවිත් දමා ඇති බවටය. කෙ

සේ වෙතත් මෙම ඝාතනය සම්බන්ධයෙන් Raimaගේ සැමියා සහ ඔහුගේ රියදුරු පොලිසිය විසින් මේ වනවිට අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

එරට අතිෂය ජනප්‍රිය නිළියක් වන ඇය මේ වනවිට චිත්‍රපට 25කට පමණ රංගනයෙන් දායක වී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now