රාගම වෛද්‍ය පීඨ සිද්ධියෙ නවතම තොරතුරු රැසක් එළියට..(VIDEO)

AjithRohana Arundika Fernando Ragama medical faculty Kirthi Sri Weerasinghe Wasantha Mudalige
By Sewvandhi Feb 02, 2022 06:21 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

අද (02) අලුයම රාගම වෛද්‍ය පීඨයේ පිරිමි නේවාසිකාගාරයට කඩාවැදුණු පිරිසක් සිදුකළ පහරදීමකින් සිසුන් තිදෙනෙක් තුවාල ලබා රෝහල් ගතකර තිබුණි.

පහරදීමට පැමිණි පිරිස අතර රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ රියදුරෙකු බව කියන අයකු ද සිට තිබේ.සැකකරුවන් පැමිණි පොල් සංවර්ධන අධිකාරියට අයත් මෝටර් රථයක්ද පොලිස් භාරයට ගැනුණි.

මේ වනවිට සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර ඇති සැකකරුවන් ගණන 5කි. රාගම වෛද්‍ය පීඨයට අද අලුයම තුනට පමණ මෝටර් රථ දෙකකින් එම පිරිස පැමිණ ඇත. පසුව එම කණ්ඩායම එහි සිව්වන වසරේ අධ්‍යාපනය ලබන සිසුන් පිරිසකට පහරදී තිබේ. 

 15 දෙනෙකු පමණ එම අවස්ථාවේදී අදාළ ස්ථානයට පැමිණ ඇති බව වාර්තා විය. එහිදී ඇතිවූ සිද්ධිය සිසුන් සිය ජංගම දුරකථනවලින් වීඩියෝ කර තිබුණි. පසුව සිසුන් ද එම පිරිසට පහරදී ඇති අතර ඔවුන් පැමිණි මෝටර් රථයක් සිය භාරයට ගෙන තිබුණේ එහි රියදුරු ද සමගිනි.

එම සිද්දියට අදාල වීඩියෝව පහතින්,


පසුව සිසුන් තමන් විසින් අල්ලා ගනු ලැබූ පුද්ගලයාව රාගම පොලීසියට භාරදීමට කටයුතු කර තිබුණි. මෝටර් රථයේ පැමිණි රියදුරු ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ රියදුරෙකු බවට 2018 වසරේදී නිකුත් කළ හැඳුනුම්පතක්ද සිසුන් සොයාගෙන තිබේ.

එමෙන්ම අදාළ මෝටර් රථය පොල් සංවර්ධන අධිකාරියට අයත් එකක් වන අතර එය මේ වසරට ලියාපදිංචි කර නොමැති බවද අනාවරණය වුණි. සිද්ධියෙන් අනතුරුව සෙසු පිරිස පළාගොස් ඇති අතර ඔවුන් පලාගොස් ඇත්තේ අධී සුඛෝපබෝගී මෝටර් රථයකිනි.

පහරකෑමෙන් තුවාල ලැබූ, වෛද්‍ය පීඨයේ සිව්වන වසරේ සිසුන් තිදෙනෙක් රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි. එමෙන්ම සිසුන්ගෙන් පහරකෑමට ලක්වූ තෙවැනි වසරේ අධ්‍යාපනය ලබන වෛද්‍ය සිසුවෙක් හා තවත් පුද්ගලයෙකුද මීගමුව රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබුණි.

මෙම සිද්දියට අදාළ.සත්‍ය කතාව අද පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමා හෙළිදරව් කළා. එම වීඩියෝව පහතින්


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now