රෝහල පෙනි පෙනී බිහිසුණු අනතුරටකට ලක්වූ ගැබිණි හෙදිය..
පුත්තලම පොලීසිය සදහන් කළේ, පදික මාරුවෙන් ගමන් කරමින් සිටි ගැබිනියකගේ අධික වේගයෙන් පැමිණි ත්‍රීරෝද රථයක් ගැටී අනතුරකට ලක්ව බරපතළ තුවාල ලබා මේ වනවිට කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇති බවයි.
ඊයේ (30) සවස සිදුව ඇති අතරින් තුවාල ලබා ඇත්තේ, පුත්තලම මුලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සේවයේ නිරතව සිටි හෙදියක් බවට අනාවරණය වී තිබේ.
අනතුරට ලක්ව ඇත්තේ මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි අවන්ති කරුණාරත්න නැමැත්ති පස් මස් ගැබිනියක් වන අතර ඇය රාජකාරි සඳහා නිවසේ සිට රෝහලට පැමිණෙමින් සිටිය දී එම අනතුරට මුහුණ දී ඇත.
ඇයට භාහිර තුවාල කිසිවක් නොතිබුණ නමුත් ශරීරය අභ්‍යන්තරයෙන් ලේ ගැලීම් හේතුවෙන් බරපතළ තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලට එවා තිබුණි.
අනතුර සිදුකළ ත්‍රීරෝද රථ රියදුරා අධික ලෙස බීමත්ව සිට ඇති බවට අනාවරණය වී ඇත.
රියදුරු අත්අඩංගුවට ගෙන පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.