රසම රස ඉන්දියන් පූරි ගෙදරදිම හදමු
Healthy Food Recipes
Sri lanka Food Recipes
By Subodha
පූරි කියන්නෙ රස ඉන්දියන් කෑමක්. ලේසියෙන්ම හදන්න පුළුවන් වගේම බෝලෙ වගේ පිම්බිලා එන නිසා පොඩ්ඩොත් ආසාවෙන් කන කෑමක්. ඔන්න ඒ රස කෑමට ගුණදායක කරපිංචා එකතු කරල හදන හැටියි මේ.
අවශ්‍ය ද්‍රව්‍ය -
- පාන්පිටි කෝප්ප 1/4
- ආටා පිටි කෝප්ප 1
- ලුණු ස්වල්පයක්
- උණුවතුර චොප්කරගත් කරපිංචා ස්වල්පයක්
- තෙල්
සාදන ආකාරය-
- පාන්පිටි හා ආටාපිටි වලට ලුණු දාලා කලවම් කරලා උණුවතුර හා චොප්කරගත් කරපිංචා ටික දාලා අනාගන්න. දැන් මේක පැයභාගයක් පිපෙන්න තියන්න. දැන් ඩෝ එකෙන් ටික ටික අරන් තෙල් ගාගත් ලෑල්ලක දාලා තුනී කරලා පොඩි රවුම් කපාගන්න. ගැඹුරුතෙලේ බැදගන්න.පූරි එක තෙලට දැම්මට පස්සෙ උඩට පාවෙන්න එනකොටම හැන්දෙන් තද කරන්න. එතකොට පිම්බිලා එනව පපඩම වගේ.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග |