මාරක ගැටුමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට

Sri Lanka Police Investigation Crime
By Sithumi Jan 29, 2023 10:55 AM GMT
Report

පුල්මුඩේ ජල පොප්පාගාර ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවු ගැටුමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

ඉඩම් ආරවුලක් දුරදිග යාමෙන් එම ගැටුම හටගෙන ඇති අතර එහිදි තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය සඳහන් කළේය.

තුවාල ලැබුවන් ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය මහ රෝහල වෙත ඇතුළත් කර තිබේ.

මියගිය පුද්ගලයින් දෙදෙනා අවුරුදු 41 සහ 45 වයස්වල පසුවන්නන් බව පොලීසිය සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් පුල්මුඩේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now