ඉන්ධන ලබා දීම සම්බන්ධව අද සිට ක්‍රියාත්මක වන විශේෂ වැඩපිළිවෙළක්..

Sri Lanka
By krishani May 16, 2022 06:52 AM GMT
Report

අද(16) දිනයේ සිට අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහන ලොරි රථ සඳහා ඉන්ධන ලබාදීමට විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් කාර්යාලය පවසයි.

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් රුවන් චන්ද්‍ර මහතා පැවසුවේ ඒ යටතේ දිවයින පුරා තෝරාගත් ඉන්ධන පිරවුම්හල් කිහිපයක් ඔස්සේ අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහන ලොරි රථ සඳහා ඉන්ධන ලබාදෙන බවය.

ඒ සදහා දිස්ත්‍රික් ලේකම්වරු මගින් ඉන්ධන ලබාදිය යුතු ලොරි රථ පිළිබඳ ලේඛනයක් ඉන්ධන පිරවුම්හල් වෙත ලබාදෙනු ඇතැයි ද ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.

ඒ යටතේ ඖෂධ, ඉන්ධන, ගෑස්, එළවළු ඇතුළු අත්‍යවශ‍ භාණ්ඩ ප්‍රවාහනයේ යෙදන ලොරි රථ සඳහා ඉන්ධන ලැබෙනු ඇති බවත් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට අදාල ලිපි ලේඛන ප්‍රවාහනයේ යෙදෙන වාහන සඳහා ද නිශ්චිත ඉන්ධන පිරවුම්හලක් මගින් ඉන්ධන ලබාදීමට කටයුතු යොදන බවද ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join