විරෝධතාකරුවන් මැදමුලන රාජපක්ෂ සොහොන් කොත් සමතලා කරයි..(VIDEO)

By Sewvandhi May 09, 2022 04:11 PM GMT
Report

ඩී.ඒ.රාජපක්ෂ හා දෝන දන්දිනා රාජපක්ෂ යන අය සිහි වීම පිණිස මැදමුලන වලවුවේ නිර්මාණය කර තිබූ ස්මාරක දෙක, පුරවැසි අරගලකරුවන් විසින් කුඩු පට්ටම් කොට විනාශ කර දමා තිබෙනවා.

අද (09) දවස පුරා ම පුරවැසි අරගලකරුවන් ඉතිහාසය අලුත් කරන පන්නයේ විමුක්ති අරගලයක නියැලුණා.

මන්ත්‍රී මන්දිර ගණනාවක් ම ඔවුන් ප්‍රහාරවලට ලක් කළ අතර, ඇතැම් මන්දිරවලට ගිනි ද තැබුවා.

මෙම සොහොන් කොත් ස්මාරක සඳහා මෙරට පුරවැසියන්ගේ බදු මුදල් මිලියන 33.9ක් නාස්ති වූ බව යි දැනගන්නට ඇත්තේ.

(වීඩියෝ  අයිතිය - අද දෙරණ)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now