විරෝධතාවට පැමිණි පියාට දෙපා අහිමි කළ සිදුවීම...

SL Protest Strike Sri Lanka
By Sithumi Apr 30, 2022 04:21 PM GMT
Report

  ආණ්ඩුවට විරෝධය පළකරමින් රට පුරාම මේ වන විට විවිද ප්‍රදේශවල විරෝධතා පැවැත්වෙනවා.කුලියාපිටිය බරිගොඩ ප්‍රදේශයේද එලෙස විරෝධතාවයක් සංවිදානය කර තිබුණේ ප්‍රදේශයේ ප්‍රදේශවාසින් හා ස්වාමීන්වහනසේලා විසිනි. 

විරෝධතාවය අවසන් වී ආපසු යමින් සිටියදි යතුරු පැදි දෙකකින් යකඩ පොලු රැගෙන පැමිණි පිරිසක් විරෝධතාකරුවන්ට ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

එහිදී විරෝධතාවයට සම්බන්ධ වූ තිදරු පියේකුට දකුණු පාදයේ අස්ති දෙකම කැඩෙන සේ ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇති අතර ඔහු මෙ වන විට ශෛල්‍ය කර්මයකටද බාජනය කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now