වැටකොළු වල ඔබ නොදන්න ගුණ..

Sri lanka Food Recipes Sri Lanka Food Crisis
By Subodha Jul 14, 2022 04:06 AM GMT
Subodha

Subodha

in රචනා
Report

 වැටකොළු කියන්නේ වගාවන් සදහා යොදා ගන්නා එළවලුවක් වන අතර වියලි කලාපය ආශ්‍රිතව බොහෝ සෙයින් මෙම එලවළු වගාව සිදු කරයි. වැටකොලු වර්ග කිහිපයක් ප්‍රධාන වශයෙන් දක්නට ලැබෙන අතර එයින් වර්ග දෙකක් බහුලව දැකිය හැක්කේ ආහාරමය වශයෙන් භාවිතා කරන නිසාය.

වැටකොළු වල ආහාරමය තන්තු, ජලය, මැග්නීසියම් සහ විටමින් B 6 වැනි අත්‍යවශ්‍ය සංරචක විශාල ප්‍රමාණයක් ඇත.එපමණක් නොව ස්වාභාවිකවම ඒවායේ අඩු කැලරි ප්‍රමාණයක් අඩංගු වන අතර ප්‍රබල ප්‍රතිඔක්සිකාරක සහ ඇල්කලෝයිඩ් සංයෝග බහුල වේ. වැටකොළු අපේ ආහාර වේලට එක් කර ගැනීමෙන් විවිධ සෞඛ්‍ය ප්‍රතිලාභයන් රැසක් ලබා ගත හැකිය. වැටකොළු සතු සෞඛ්‍යමය වාසි කිහිපයක් බලමු .


  • අක්ෂි සෞඛ්‍ය වැඩි දියුණු කරයි.
  • රක්තහීනතාවය සමනය කරයි.
  • ශරීර වේදනාව සහ තෙහෙට්ටුව සමනය කරයි.
  • මලබද්ධය සමනය කරයි .
  • අක්මාවේ ක්‍රියාකාරිත්වය ආරක්ෂා කරයි .
  • ලේ පිරිසිදු කරයි.
  • බර අඩු කිරීම ප්‍රවර්ධනය කරයි.
  • ආහාර ජීර්ණය කිරීමට උපකාරී වේ.
  • රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට උපකාරී වේ.
  • ශරීරය විජලනය විම වලක්වයි.
  • සම පැහැපත් කරයි.
  • සමේ ආසාදන වලින් වලක්වයි.
  • ශරීරය සිසිල් කරයි. 

තදබල උණක් සැදී නැගිටීමට අසීරුවන තරමට දුර්වල වූවෙකුට පහසුවෙන් දිරවාගෙන ශක්තිය ලබා ගත හැකි වැටකොළු වැනි එළවළුවක් සමග බෙරි බතක් උයා දී නැගිටුවන්නට හැකිවුණා. 90%ක් ඉක්මවූ ඖෂධීය ජලයෙන් යුතු වැටකොළු වල ඇති ප්රතිශක්ති ගුණය ගැන මෑත කෙරුණු පර්යේෂණවලින් හෙළිදරව් වී ඇත. එය සිරුරේ සමබරතාව රැකදී නිරෝගිකර , ආයුෂ ද වර්ධනය කර දෙන්නක් බව කියවෙයි.

ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග 
Join now