පකිස්ථානයේදි නිකරුණේ ඝාතනය වූ ප්‍රියන්තගේ සිදුවීමට හයක් එල්ලා මරයි..හතක් දිවි ඇති තෙක් හිරේ.

CID - Sri Lanka Police Sri Lanka Police Pakistan
By Sithumini Mar 20, 2025 08:08 AM GMT
Sithumini

Sithumini

in අපරාධ
Report


 පාකිස්තානු ඇගලුම් කම්හලක කළමාණාකාරවරයකු වශයෙන් සේවය කරමින් සිටි ශ්‍රී ලංකිකයකු වන ප්‍රියන්ත කුමාර මහතා මිලේච්ඡ ආකාරයෙන් මහමඟ ඇඳගෙන ගොස් පහරදී ගිනි තබා මරාදැමීමේ චෝදනාවන්ට වරදකරුවන් වු පාකිස්තානු ජාතිකයින් 06 දෙනකුට මරණ දඬුවම් නියම කළ පාකිස්තානයේ ලාහෝර් නුවර ත්‍රස්ත විමර්ශන අධිකරණය එම චෝදනාවන්ටම වරදකරුවන් වු තවත් පාකිස්තානු ජාතිකයින් 07 දෙනකුට ජිවිතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කෙරිණා

ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතන සිද්ධියට සම්බන්ධ බවට නඩු විභාගයේදී අනාවරණය වු තවත් පාකිස්තානු ජාතිකයින් 76 දෙනකුට දෙවසර බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් ලාහෝර් නුවර ත්‍රස්ත විමර්ශන අධිකරණය නියම කෙරිනි”

විත්තිකරුවන් 89 දෙනාට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව පැමිනිල්ල විසින් ඔප්පු කොට ඇති බව තීරණය කරමින් ලාහෝර් නුවර ත්‍රස්ත විමර්ශන අධිකරණය විත්තිකරුවන්ට අදාළ දඬුවම් නියම කෙරිනි.

2021 වසරේ දෙසැම්බර් මාසයේදී පාකිස්තානයේ සියල්කෝට් නුවරදී එහි ඇගලුම් කම්හලක කළමාණාකාරවරයකු වශයෙන් සේවය කරමින් සිටි ප්‍රියන්ත කුමාර මහතාට ඉස්ලාම් ආගමට අපහාස කරන ලදැයි කියමින් පහරදී මහමඟ ඇඳගෙන ගොස් ගිනි තබා මරාදැමීමේ චෝදනා යටතේ පාකිස්තානු ජාතිකයින් 900 කට එරෙහිව පාකිස්තානු පොලිසිය විසින් ලාහෝර් නුවර ත්‍රස්ත විමර්ශන අධිකරණයේ නඩු පවරා තිබිනි.

සිද්ධිය වී මාස කිහිපයක් අතුලත පාකිස්තානු පොලිසිය විසින් සිද්ධියට සම්බන්ධ විත්තිකරුවන්ට එරෙහිව නඩු පැවරීමෙන් අනතුරුව මාස කිහිපයක් තුළ විත්තිකරුවන්ට එරෙහි නඩුව විභාග කළ ලාහෝර් නුවර ත්‍රස්ත විමර්ශන අධිකරණය නඩු විභාගයේදී සිද්ධිය ඇසින් දුටු පුද්ගලයින් ඇතුලු 43 දෙනෙකුගේ සාක්කි විමසන ලදී.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකරුවන් 900 දෙනාගෙන් විත්තිකරුවන් 89 දෙනකුට එරෙහි චෝදනා පැමිනිලි පාර්ශවය විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇති බව තීරණය කළ ලාහෝර් නුවර ත්‍රස්ත විමර්ශන අධිකරණය මෙම අපරාධයට ඝෘජුවම සම්බන්ධ වු පාකිස්තානු ජාතිකයින් 06 දෙනකුට මරණ දඬුවම්ද තවත් පාකිස්තානු ජාතිකයින් 07 දෙනකුට ජිවිතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවම්ද නියම කෙරිනි. 

 මෙම ඝාතන සිද්ධියේ සිදුවු සිද්ධීන් වලට සම්බන්ධ බවට සාක්කි ඉදිරිපත් වු තවත් පාකිස්තානු ජාතිකයින් 76 දෙනකුට දෙවසර බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් අධිකරණය විසින් වැඩිදුරටත් නියම කෙරිනි.