ලොවක් කම්පා කළ, ප්‍රියන්ත කුමාර ඝාතනයේ වීඩියෝ පට එළියට දැමූ පුද්ගලයාට දුන්නු දඬුවම

murder parkistan Priyantha siyalkote adhnath malik
By Sewvandhi Jan 22, 2022 01:49 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

ප්‍රියන්ත කුමාර ඝාතනය කිරීමේ වීඩියෝව අන්තර්ජාලයට මුදා හැරීමට සම්බන්ධ පුද්ගලයෙකුට පකිස්ථානයේ ත්‍රස්ත විරෝධී අධිකරණයක් වසරක සිරදඬුවම් නියම කර තිබෙනවා.

අද්නාන් නමැති විත්තිකරු මීට පෙර අධිකරණය හමුවේ තම අපරාධය පාපොච්චාරණය කළ අතර, එම සිද්ධිය සම්බන්ධයෙනුයි එරට අධිකරණය විසින් මෙම තීන්දුව ඊයේ (21) දින ප්‍රකාශයට පත් කෙරුණේ.

පසුගිය දෙසැම්බර් මස දී අමානුෂික ලෙස අන්තවාදීන් පිරිසක් විසින් පාකිස්ථාන කර්මාන්ත ශාලාවක ඉංජිනේරුවරයෙකු ලෙස කටයුතු කළ ප්‍රියන්ත කුමාර ඝාතනය කෙරුණා.

එම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු සමග පුද්ගලයින් 100 දෙනෙකුට අධික පිරිසක් පාකිස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පැය 24 ද නික්ම වීමට ප්‍රථමයෙන්.

මේ වනවිටත් අදාළ නඩුව එරට අධිකරණය මගින් විභාග කෙරෙන අතර, සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් වූ මෙරට ශ්‍රී ලාංකිකයා වෙනුවෙන් පාකිස්ථාන රජයෙන් ඔහුගේ පවුලට සහ දරුවන්ට අඛණ්ඩව ඔහුට හිමි වැටුප සහ වන්දි ගෙවීමට ද එකඟ වුණා.

ඒ එරට අගමැති ඉම්රාන් ඛාන්ගේ පූර්ණ අනුදැනුම සහ මැදිහත් වීම මතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now