ලංකාවේ මන්ත්‍රීවරුන්ට සහ අමාත්‍යවරුන්ට හිමි වරප්‍රසාද

Sri Lanka Parliament Government Of Sri Lanka
By Wayomi May 18, 2022 10:11 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

ලංකාවේ ගොඩක් අය අහලා, දැකලා දැනගන්න බලන් ඉන්න කාරණයක් ගැනයි මේ කියන්න යන්නේ. ඒ, ශ්‍රී ලංකාව් සියලුම අමාත්‍යවරුන්ගේ, නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ, රාජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප සහ වරප්‍රසාද ගැනයි.

* මාසික වැටුප - රු.54,285.00/= * රැස්වීම් දීමනාව - පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගි රැස්වීම්වලට සහභාගී වීම වෙනුවෙන් එක් දින සඳහා පැමිණීමේ දීමනාව රු. 2500/=

* කාරක සභා දීමනාව - පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වෙන දෙන වල ලස්සන කාරක සභා සඳහා සහභාගී වීම වෙනුවෙන් දිනකට රු . 2500/= බැගින්. (පාර්ලිමේන්තු රැස්වීම් දිනවල පැවැත්වෙන කිසිදු කාරක සභාවට සභාව කට සහභාගී වීම වෙනුවෙන් දීමනා ගෙවනු නොලැබේ)

* කාර්යාල දීමනාව - කාර්යාලයක් පවත්වාගෙන යාම සඳහා මසකට රු. 100,000ක් බැගින්.

* සංග්‍රහ දීමනාව - රු.1000/=

* රියදුරු දීමනාව - රු.3,500/= (මේ දුර දීමනාව ගෙවුණු ලබන්නේ රජයෙන් වැටුප් ලබන රියදුරෙක් නොමැති නම් පමණයි)

* ඉන්ධන දීමනාව - එකෙක් මන්ත්‍රීවරයා/වරිය තේරී පත් පත්වුණ දිස්ත්‍රික්කයේ සිට පාර්ලිමේන්තුවට ඇති දුර පදනම් කර ගණනය කළ ලීසිං ලීටර් ප්‍රමාණය සඳහා මාසය පරමු දැනට පවතින වෙළඳපොල මිල ගණන් අනුව ගෙවනු ලැබේ

* දුරකථන දීමනාව - ස්ථාන දුරකථන හා ජංගම දුරකථන සඳහා මාසිකව රු. 50,000/= (දුරකථන බිල් ගේම හෝ ප්‍රතිපූර්ණ කරනු නොලැබේ)

* පෞද්ගලික කාර්ය මණ්ඩල ප්‍රවාහන දීමනාව - පෞද්ගලික කාර්ය මණ්ඩල සාමාජිකයන් හතර දෙනෙක් කාර්යාලයට පැමිනීම වෙනුවෙන් එක් අයෙක් සඳහා රු.2,500/= බැගින් මාසිකව රු. 10,000/=

* නිදහස් තැපැල් පහසුකම් - සෑම මන්ත්‍රීවරයෙකුටම වාර්ෂිකව රු. 350,000/= ක් වටිනා මුද්දර ලබාදෙයි..( එක් කාර්තුවකට රු.87,500/=ක් බැගින්)