බන්ධනාගාර මූලස්ථානයෙන් හදිසියේම විශේෂ නිවේදනයක් නිකුත් කරයි..(PHOTO)
බන්ධනාගාර රැදවියන්ට වෘත්තීය පුහුණුවක් ලබා දී පුහුණු ශ්‍රමිකයන් ලෙස පුහුණුකර සමාජගත කිරීමේ අරමුණ පෙරදැරිව පුනරුත්ථාපන ක්‍රියාවලියේ එක් ව්‍යාපෘතියක් ලෙස වැඩ සහන යටතේ රැඳවියන් දිනපතා ඉදිකිරීම් ආයතන වෙත බන්ධනාගාර නිලධාරීන්ගේ රැකවරණ යටතේ එම ස්ථානවල සේවය සඳහා යොදවනු ලබයි.ඒ සඳහා දීමනාවක් ද එම රැඳවියන් හට හිමි වේ.
වටරැක බන්ධනාගාරය මගින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර 2022/05/29 දින ද, කොල්ලුපිටිය සීලක් ආයතනය වෙත රැඳවියන් 30 ද ,රාජගිරිය අයිකොනික් ආයතනය වෙත රැදවියන් 105ක් ද,සේවය සදහා යොදවා තිබුණී.
2022/05/09 දින පස්වරුවේ දිවයිනේ ඇඳිරි නීතිය පැනවීමෙන් පසු ඉදිකිරීම් ආයතන වල සේවය සඳහා යොදවා සිටි නේවාසිකයන් නැවත වටරැක බන්ධනාගාරය වෙත රැගෙන ඒමේ දී ඒමේදී මාලඹේ තලාහේන ප්‍රදේශයේ දී කලහකාරී ලෙස හැසිරීමේ සිටි පිරිසක් විසින් බස් රථවලට ප්‍රහාර එල්ල කර ඇත.එහිදී නේවාසිකයින් බස්රථවලින් බැස ඇති අතර ජනතාව අතරට මැදිව ඇත.මෙහිදී බන්ධනාගාර නිලධාරීන්ට සහ නේවාසිකයන් ට තුවාල සිදු වී ඇති අතර ඔවුන් මේ වනවිට රෝහල් ගත කර ඇත .මෙම සිදුවීමේදී නේවාසිකයන් 123 දෙනෙකු ආරක්ෂිතව රඳවා රඳවා ගැනීමට හැකියාව ලැබී ඇති අතර නේවාසිකයින් 58 දෙනෙකු මග හැර ඇත.
මේ වන විට රැඳවියන් උද්ඝෝෂණය කරනු ලබන පිරිසට පහර දීම සඳහා යොදවා ගෙන ඇති බවට විවිධ සමාජ මාධ්‍ය මඟින් සිදු කර ලබන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව වැඩිදුරටත් එම නිවේදනයෙහි සදහන් වේ.කෙසේවෙතත් බන්ධනාගාර ආරක්ෂාවෙන් බැහැරව සිටින නේවාසිකයින් 58 දෙනා කිසියම් අයුරකින් තොරතුරු දන්නේ වී නම් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට හෝ ළගම ඇති පොලිස් ස්ථානයට භාර දෙන මෙන් වැඩිදුරටත් එම නිවේදනයේ දක්වා ඇත.
එම නිවේදනය පහතින්,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
