මෙහෙමත් විදුහල්පතිවරු... ලිංගික අතවර චෝදනාවක් එල්ලවූ විදුහල් පති රිමාන්ඩ්..

Child Abuse School Children
By Sithumini Aug 29, 2024 10:34 AM GMT
Report

පිරිමි දරුවන් කිහිපදෙනෙකුට ලිංගික අතවර කිරීමේ චෝදනාවකට පසුගියදා කතරගම ගෝතමීගම කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිවරයා අත්අඩංගුවට ගැනුණේ එම දරුවන්ගේ මව්පියන්ගෙන් පොලීසියට ලැබුණු පැමිණිලි මතයි.

එහිදි මෙම දරුවන් පැවසුවේ ඔවුන්ව විදිහල්පතිවරටා විවිධ අවස්ථාවන්වලදි ලිංගිකව තමන්ට අඩත්තේට්ටම් කළ බවයො. එක්වරෙක මෙම දරුවෙකු කෑගසා හැඩීමේදි දරුවාට වැසිකිලියට ගොස් සෝදාගන්නා ලෙස විදුහල්පතිවරා පවසා තිබුණා.

කෙසේවෙතත් මෙම සිද්දිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වුණි විදුහල්පති වරයා තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් අනතුරුව ලබන සැප්තැම්බර් 04 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

අදාළ සිදුවීමට මුහුණදුන් දරුවන්ට සිදුවන තර්ජන සම්බන්ධයෙන් සහ මෙම සිදුවීම්වලට අනුබල දුන් පුද්ගලයින් සම්බන්ධයෙන් වෙන් වෙන් වශයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ද දරුවන් වෙනුවෙන් ඉදිරිපත් වූ නිතීඥවරයා ඉල්ලීමක් සිදුකරතිබෙනවා