අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩලය පිළිබඳව අගමැතිවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්..

Ranil Wickremesinghe Sri Lanka Politician Prime minister Sri Lanka
By krishani May 14, 2022 04:56 AM GMT
Report

නිවාඩු දින ගැන නොසිතා අඛණ්ඩව වැඩ කිරීමට සූදානම් වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩලයට ඊයේ(13) දැනුම් දී ඇත.

ඒ අනුව වෙසක් පෝය දිනය ද ඇතුළු ඉදිරි නිවාඩු සති අන්තය අග්‍රාමාත්‍ය කාර්යාලයේ අඛණ්ඩ වැඩ සතියක් වනු ඇතැයි ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබේ.

මේ අතර ඉන්ධන, විදුලි බලය, ගෑස්, ආහාර ද්‍රව්‍ය, පොහොර,ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සහ භාණ්ඩ සම්බන්ධයෙන් රටේ පවතින සත්‍ය තත්ත්වය පිළිබඳව වාර්තාවක් ලබන සඳුදා ජනතාව හමුවේ හෙළිදරව් කිරීමට නියමිතව ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරන අතර  විසඳුම් දීමට පෙර ජනතාවට ඇත්ත කියා පටන් ගැනීම සුදුසු බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join