අගමැති ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට භාරදෙයි..?

By Sithumi May 08, 2022 03:25 PM GMT
Report

අගමැති මහින්ද රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මීට සුලු මොහොතකට පෙර ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බව නිල නොවන ආරංචි මාර්ග අනාවරණය කරනවා.

අද පෙරවරුවේ අනුරාධපුරයට ගොස් ශ්‍රී මහා බෝධිය සහ රුවන්මැලිසෑය වැද පුදාගෙන කොළඹ පැමිණි අගමැතිවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට යොමු කළ බවයි එම නිල නොවන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ. හෙට දිනයේදී අරලිය ගහ මැදුරට පැමිණීමට නියමිත පාක්ෂිකයන් හමුවේ එය ප්‍රකාශයට පත් කිරීමට අගමැතිවරයා සැලසුම් කර ඇති බවද වාර්තා වී තිබේ. 

මේ අතර නාමල් රාජපක්ෂ විසින් මීට පැයකට පෙර සිය ට්විටර් ගිණුමේ පැරණි වීඩියෝවක් පළ කොට තිබෙනවා. එහි ඇත්තේ මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේ කළ කතාවකි. එහි අගමැතිවරයා පවසන්නේ ‘මේ අගමැතිකම මට මහ ලොකු කජ්ජක් නෙමෙයි! ජනාධිපති වුණත් අගමැති වුණත් නිකම්ම නිකම් මන්ත්‍රී වුණත් මහින්ද රාජපක්ෂ මහින්ද රාජපක්ෂමයි’ යැයි කියාය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now