කෙටි ආහාර වර්ගවල මිලට මොකද වුණේ?. විශේෂ දැනුම්දීමක් මෙන්න..

Food Shortages Sri Lanka Food Crisis Latest Headlines Decision Making
By krishani Mar 16, 2024 12:39 PM GMT
krishani

krishani

in ආහාර
Report

මේ වන විට ලොකු ලූණු සහ බිත්තර මිල ඉහළ මට්ටමක පවතී.

කෙටි ආහාර වර්ගවල මිලට මොකද වුණේ?. විශේෂ දැනුම්දීමක් මෙන්න.. | Price Of Short Food In Sri Lanka

එලෙස පැවතුන ද බිත්තර බනිස් ඇතුළු කෙටි කෑම වර්ගවල මිල ඉහළ දැමීමක් සිදු නොකරන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කළේ ය.

මේ වන විට 50%කට වඩා පිරිසක් ලොකු ලූණු සහ බිත්තර භාවිත කරන්නේ බේකරි සහ හෝටල් බව එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා කියා සිටියේ ය.

එමෙන්ම, ලොකු ලූණු සහ බිත්තර විශාල වශයෙන් මිල ඉහළ ගොස් ඇති අවස්ථාවක රජය මැදිහත්ව ඒවායේ මිල අඩු කිරීමට කටයුතු කළයුතු බව ද ඒ මහතා පැවසීය.

කෙසේ වෙතත්, කුඩා බේකරි හිමියන් මේ වනවිට සිය කර්මාන්ත පවත්වාගෙන යනු ලබන්නේ ඉතා අසීරු තත්ත්වයක බව එම සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.