වෙසක් පොහොය දින ජනපති අතින් සිදුවන සුවිශේෂී දෙයක් ගැන දැනුම්දීමක්

Gotabaya Rajapaksa Sri Lankan Peoples Department of Prisons Sri Lanka
By Sewvandhi May 14, 2022 08:20 AM GMT
Report

වෙසක් පොහොය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පිරිනමන විශේෂ රාජ්‍යය සමාව යටතේ සිරකරුවන් 244 දෙනෙකුට නිදහස ලබාදීමට තීරණය කර තිබෙනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ,හෙට (15) දිනට යෙදී ඇති වෙසක් පුර පසොළොස්වක පොහොය දිනය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් සඳහා ජනාධිපතිවරයා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම වරප්‍රසාදය හිමිගැන්වෙන බවයි.

ඒ අනුව පහත සදහන් පරිදි දඬුවම් විඳින සිරකරුවන් සඳහා සමාව හිමිවනවා. මෙම හිමිගැන්වීම දිවයිනේ සියලුම බන්ධනාගාර සිරකරුවන් 244 දෙනෙකුට ම හිමිවනු ඇති.

බන්ධනාගාර ගතව 2022.05.15 දිනට සිර දඬුවම් විඳින සිරකරුවන් හට බන්ධනාගාරය තුළ ගත කරන ලද වසරකට දින 14 බැගින් පොදු සමාව ලබා දීම, දඩ මුදල් නොගෙවීම සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින දිනට සිරදඬුවම් විදින සිරකරුවන්ගේ ගෙවමින් පවතින දඩුවමේ ඉදිරි ශේෂය අහෝසි වීම,

2022.05.15 වන දින වන විට බන්ධනාගාර ගතව සිරදඩඬුවම් විඳින සිරකරුවන් අතරින් වයස අවුරුදු 65 ඉක්මවු සිරකරුවන්ගේ දඬුවමින් හරි අඩක් අඩු කිරීම ‍හා අඩකට වඩා වැඩි කාලයක් දඬුවම් විඳින ලද සිරකරුවන්ගේ දඩුවමේ ඉතිරි ශේෂය අහෝසි කිරීම,

වසර 40කට හෝ ඊට වැඩි සිර දඩුවම් නියම කර ඇති 2022.05.15 වන දින වන විට මහාධිකරණයෙන් දඩුවම් නියම කළ දින සිට වසර 20 කාලයක් ගෙවා අවසන් කර ඇති සිරකරුවන්ගේ දඩුවමේ ඉදිරි ශේෂය අහෝසි කිරීම යනා දී කරුණු යටතේ මෙම හිමිගැන්වීම සිදු කෙරෙනු ඇති.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now