ඉන්ධන පෝලිමේ සිට නිවසට යන අතරතුර නිවේදකයකු අවසනාවන්ත ලෙස මෙලොව හැරයයි

Sri Lanka Accident
By Sithumi Jun 16, 2022 12:32 PM GMT
Report

ආණමඩුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් සංගීත ප්‍රසංග නිවේදන ශිල්පියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔහු ඊයේ රාත්‍රී (15) ආණමඩුව නගරයේ ඉන්ධන පෝලිමක රැඳී සිට අද අලුයම දරුවන් පාසලට යැවීම සඳහා නිවෙසට ගමන් කරමින් සිටියදී අනතුරට ලක්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ අජිත් නවගත්තේගම ලෙසට හැඳින්වෙන අජිත් ජයසිංහ නම් 37 හැවිරිදි අයෙක්. නිකවැරටිය ප්‍රදේශයේ කොහු මෝලක් සදහා ශ්‍රමික කාන්තාවන් ප්‍රවාහනයට පැමිණි බස් රථයක් අපරික්ෂාකාරී ලෙස ප්‍රධාන මාර්ගයට ගැනීම සඳහා පසුපසට ධාවනය කරමින් සිටියදී මෙම අනතුර සිදු ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ. 

 ආණමඩුව නගරයේ සමුපකාර ඉන්ධනහලින් යතුරු පැදියට පෙට්‍රල් ලබා ගැනිමට පෝලිමේ රැඳී සිට ඉන්ධන ලබා නොදීම නිසා අලුයම තුනට පමණ යතුරු පැදියෙන් නිවසට ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

ඔහු පැය 10කට ආසන්න කාලයක් ඉන්ධන පෝලිමේ රැඳී සිට ඉන් පසුව දරුවන් පාසලට ඇරලවිමට යාම සදහා ඉන්ධන පෝලිමෙන් ඉවත්ව නිවසට පැමිණේන අතරතුර මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා. අනතුර සම්බන්ධයෙන් බස් රථ රියදුරා අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now