පාර්ලිමේන්තුව වට කරන්න යන බස්රථ..?
Parliament of Sri Lanka
Sri Lanka
SL Protest
By krishani
තරුණ තරුණියන් විසින් පවත්වනු ලබන සාමකාමී විරෝධතා සඳහා කිලෝමීටර 20 – 25 ත් අතර දුරකට නොමිලේ ප්‍රවාහන පහසුකම් ලබා දීමට පුද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය තීරණය කර ඇත.
ඕනෑම තැනක ඕනෑම වේලාවක පැවැත්වෙන සාමකාමී උද්ඝෝෂණ සඳහා එලෙස සහය දෙන බවයි එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ.
එහිදී බස් රථයේ ඉන්ධන සේවක පඩි නඩි සඳහා වූ වියදම පමණක් ලබා දිය යුතු බවත් ඉතිරි වියදම් අනවශ්‍ය බවත් ඔහු පෙන්වා දෙයි.
පාර්ලිමේන්තු වට කර බස්රථ නවතා සාමකාමී විරෝධතාවක් පැවැත් වීමට ද පුද්ගලික බස් රථ හිමියන් තීරණය කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |